“ලංකාවේ පිහිටීම අනුව බරපතළ භූ කම්පන අවදානමක් නෑ” – මහාචාර්ය අතුල සේනාරත්න

February 13, 2023

බුත්තල, පැල්වත්ත ආශ්‍රිත ප්‍රදේශවල හටගත් භූ කම්පන ප්‍රබලත්වයෙන් ඉතා අඩු ඒවා බැවින් කිසිවකු අනියත බියක් ඇති කර ගත නොයුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

ඉන්දු – ඔස්ට්‍රේලියා භූ තලය ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 1,000ක පමණ දුරින් තිබෙන බව ත් එහි ඇති වන විභේදනය නිසා යම් යම් සුළු කම්පන තත්ත්වයන් මෙරටට දැනිය හැකි බව ත් හෙතෙම කීය.

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ඉන්දු ඔස්ට්‍රේලියානු භූ තලය කලක පටන් වෙන් වෙමින් පවතින බව ත් බුත්තල, පැල්වත්ත දැනුණු සුළු භූමිකම්පා තත්ත්වයන් එහි ප්‍රතිඵලයක් බව ත් මහාචාර්ය අතුල සේනාරත්න පැවසීය.

ලංකාවේ පිහිටීම අනුව බරපතළ ආකාරයේ භූ කම්පන පිළිබඳ අවදානමක් නොමැති බව ත් මහාචාර්ය අතුල සේනාරත්න පැවසීය.

t

o

p