මූල්‍ය නොවන දීමනා සඳහා උපයනවිට බදු අය කිරීම සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛනයක් නිකුත් කර ඇත.
ඒ මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවා යෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කරමින්.
ඊට අනුව මූල්‍යමය නොවන ප්රතිලාභ සඳහා වටිනාකම ගණනය කිරීමේ දී කාණඩ 5ක් යටතේ ගණනය කිරීම් සිදුකෙරෙන අතර එම කාණ්ඩයන් පහත පරිදි වේ.
- සේවායෝජකයා විසින් ප්රදානය කළ සමාගම් කොටස්වල වටිනාකම
- සේවායෝජකයෙකු විසින් සපයන ලද ඕනෑම වාසස්ථානයකින් වන ප්රතිලාභවල වටිනාකම
- සේවායෝජකයා විසින් සපයන ලබන ප්‍රවාහන පහසුකම්වල වටිනාකම
- සේවායෝජකයා විසින් සපයන ලබන සන්නිවේදන පහසුකම්වල වටිනාකම
- සේවායෝජකයා විසින් සපයා ඇති අනෙකුත් මූල්‍ය-නොවන ප්රතිලාභ