තුර්කියේ සහ සිරියාවේ සිදුවූ අති බිහිසුනු භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වන විට 11,000 ඉක්මවා ගොස් ඇත.
ඒ මෙම මාරාන්තික භූමිකම්පාව වසර දශකයක කාලයක් ආසන්නයේ සිදු වූ භයානක ම ව්‍යසනය බවට පත් කරමින්.
තුර්කි බලධාරීන් සහ වෛද්‍යවරුන් පැවසුවේ සඳුදා ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8ක කම්පනය හේතුවෙන් තුර්කියේ පුද්ගලයින් 8,574ක් සහ සිරියාවේ 2,662ක් මිය ගොස් ඇති බවයි.
ඒ අනුව මෙම ව්‍යසනයෙන් මේ වන විට මියගොස් ඇති මුළු සංඛ්‍යාව 11,236ක් දක්වා ඉහළ ගියා.
කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.
පසුගිය සඳුදා ඇතිවූ මෙම භූ කම්පනය සැලකෙන්නේ වසර 20කට පසුව ලොව සිදුවූ දරුණුතම භූ කම්පනය ලෙසටය.
මේ අතර තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දෝගන් භූකම්පනයෙන් දැඩි ලෙස බලපෑමට ලක්වූ ප්‍රදේශ කිහිපයක් නිරීක්ෂණයට ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.