අද (08) වෘත්තීය සමිති කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට ආරක්ෂාවට යුද හමුදාව කඳවා තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.
කෙසේ නමුත් අදාල විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග රැසක් අවහිර වූ අතර ඒ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.