තුර්කියේ තවත් භූ කම්පනයක් – මියගිය සංඛ්‍යාව 1300 ඉක්මවයි

February 6, 2023

තුර්කියේ තවත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එය රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගෙන ඇති බවය.

අද උදෑසන සිරියානු දේශ සීමාවට ආසන්නව දකුණු දිග තුර්කියට අද බලපෑ භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 1300 ඉක්මවූ පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන් මරණ 912 කට අධික පිරිසක් තුර්කියෙන් වාර්තා වන අතර සිරියාවෙන් දැනට වාර්තා වන මරණ ගණන 400ට අධික බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

t

o

p