තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි – WHO

February 7, 2023

සිරියානු දේශසීමාවට ආසන්නව තුර්කියට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් 8 ගුණයකින් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ඒ සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වීම හමුවේ තවදුරටත් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළයමින් පවතින බැවිනි.

ඊයේ උදෑසන පළමු භූ කම්පනය සිදුවූ අවස්ථාවේ සිට මේ දක්වා ඉතා වේගයෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගිය අතර විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3,500 ඉක්මවා ගොස් තිබේ.

මේ වනවිට ප්‍රදේශයේ පවතින දැඩි ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් භූ කම්පනයත් සමග බිමට සමතලා වූ විශාල ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා ගැනීම මේ වනවිට අසීරු කාර්යයක් බවට පත්ව තිබේ.

t

o

p