ගෑස් මිල ඉහළ දැමුවත් ආපාණශාලාවල ආහාර මිල ඉහළ නොයයි

February 6, 2023

ගෑස් මිල ඉහළ දැමුව ද ආපාණශාලාවල ආහාර මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට සමස්ත ලංකා ආපාණශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ සිය සංගමයේ සාමාජිකයන් රැස්වී ඊයේ (05) මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම ගෑස් මිල ඉහළ ගිය ද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද ප්‍රකාශ කළා.

t

o

p