බිත්තර සදහා නව පාලන මිලක් නියම කරමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සෑහිමකට පත්වන බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදි.
බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් කරමින් පසුගිය වසරේ අගොස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට සූදානම් බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
එහිදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන කියා සිටියේ සුදු බිත්තරයක් රුපියල් 44කට සහ රතු බිත්තරයක් රුපියල් 46කට අලෙවි කළ යුතු බවට නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.