අභිමානවත් නිදහස් සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන් : ජාතික සැමරුම ගාලුමුවදොරදී

February 4, 2023

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත්ව කොළඹ, ගාලු මුවදොර දී අද (4) පෙරවරුවේ පැවැත්වේ.

‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි.

මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් 3,284 දෙනෙකු සහ සන්නද්ධ රථ 179 ක්, නාවික හමුදාවේ 867 දෙනෙකු සහ සන්නද්ධ රථ 52 ක් සහභාගි වෙයි.

ගුවන් හමුදාවේ නිලධාරින් සහ සෙසු නිලයන් 695 ක් සන්නද්ධ රථ 109 ක් සහ පොලිසියේ 336 දෙනෙකු මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ 220 දෙනෙකු සහභාගි වීමට නියමිතයි.

සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් 437 දෙනෙකු මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා සහභාගි වෙයි.

යුධ හමුදාවේ 3,284 දෙනෙකු, නාවික හමුදාවෙන් 867 දෙනෙකු සහ ගුවන් හමුදාවෙන් 695 දෙනෙකු මෙවර නිදහස් දින පෙළපාලියට එක්වෙයි.

75 වන ජාතක නිදහස් උළෙල සඳහා රටවල් හතක් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහභාගි වූහ.

පකිස්තානය ,ජපානය, ඉන්දියාව ,භූතානය නේපාලය, මාලදිවයින, බංගලාදේශය,යන රාජ්‍යයන් නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරු නිදහස් උළෙලට සම්ප්‍රාප්ත වූහ.

t

o

p