කරු ජයසූරියට සම්මානයක්

February 4, 2023

හිටපු කතානායක කරු ජයසූරිය වෙත ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ඊයේ(3) පිරිනමා තිබේ.

ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් ප්‍රදානය කෙරෙන ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය 1986 වර්ෂයේ සිට පිරිනැමීම සිදු කර ඇත.

එය මෙරටදී පිරිනැමෙන උච්චතම සම්මානය වන අතර, ඊයේ දිනයේදී කරු ජයසූරිය වෙත එම සම්මානය පිරිනැමීමේ උත්සවය පැවැත්වුණේ කොළඹ ජනාධිපති මන්දිරයේදී ය.

t

o

p