වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳසැලකට රුපියල් ලක්ෂයක දඩයක්

January 30, 2023

වැඩි මිලට බිත්තර අලෙවි කල තණමල්විල ප්‍රදේශයේ වෙළඳසැල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇත. ඒ, වැඩි මිලට බිත්තර අලෙවි කල වෙළඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් තණමල්විල නගරයේ සිදු කල වැටලීමකදීයි.

අදාළ වෙළඳසැලේ හිමිකරුට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

t

o

p