ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

January 30, 2023

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පෙබරවාරි මස 01වනදා වන විට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි බලපෑම හේතුවෙන් අද පස්වරුවේ සිට උතුර, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

උතුරු අක්ෂාංශ 04 ත් 12 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40 ත් 45 ත් පමණ වන අතර විටින් විට එය පැයට කිලෝ මීටර් 60 – 70 දක්වා වැඩිවිය හැකියි.

එබැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර තද වැසි ඇතිවිය හැකි බවද අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙයි. මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.

t

o

p