ආයෝජන වැඩි කරන්න පාර්ලිමේන්තුව වැඩ අරඹයි

January 30, 2023

ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීමටත් ඊට පැන නැගී ඇති ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සූදානම් වේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම්, ක්‍රියාමාර්ග, හඳුනාගත් දුෂ්කරතා සහ ආයෝජන කිරීමට බලාපොරොත්තු වන අංශ පිළිබඳ ඉදිරිපත් කිරීමක් සහිතව (Presentation) ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමට ත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමට ත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති (නීතිඥ) මධුර විතානගේ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙම විශේෂ කාරක සභාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වරාය නගර කොමිෂන් සභාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, අධිකරණ අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු අංශ ගණනාවක් නියෝජනය කරන නිලධාරීහු සම්බන්ධ වූහ.

මේ අනුව මෙහිදී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ඒ සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අදහස් සහ යෝජනා විමසා බැලීම ද සිදුවිය. එසේම වියට්නාමය, මැලේසියාව වැනි රටවල ආයෝජන ඉහළ මට්ටමක පැවැතීම සහ එම තත්ත්වයට මෙරට ළඟාවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

එසේ ම, මෙරට පවතින ඛනිජ සම්පත් නිවැරදිව කැණීම් කොට විදේශ වෙළෙඳපොළට අලෙවි කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි.

තව ද ආයෝජන සඳහා පැමිණෙන විවිධ පාර්ශව සඳහා අවශ්‍ය බාහිර අනුමැතීන් කඩිනමින් ලබා ගැනීමට එක් ස්ථානයක් ඇති කිරීම පිළිබඳව සහ එම අනුමැතීන් සඳහා ගතවන කාලය අවම කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එසේ ම, ඒ ඒ අංශ අතර මනා සන්නිවේදනයක් සහිතව කටයුතු කරමින් මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙම කාරක සභාවේදී අවධානය යොමු විය.

t

o

p