පනවා ඇති තහනම ලිහිල් කරගැනීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ලිපියක්

January 27, 2023

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා ඇති තහනම ලිහිල් කරගැනීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යාංශය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ලිඛිත කරුණු දැක්වීමක් සිදුකර ඇත.

පසුගිය 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනය තහනම් කරනු ලැබුවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් සඳහන් කළේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා වෙත මෙම ලිපිය යොමුකළ බවයි.

t

o

p