මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම් දීමක්

January 27, 2023

පෙබරවාරි 17 වැනිදා දක්වා අඛණ්ඩව විදුලිය සපයන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත යළි උපදෙස් දී තිබෙනවා.

එදින තෙක් විදුලිය කප්පාදු කිරීම සදහා වන ඉල්ලීම් කිරීමෙන් වැළකිය යුතු බවයි මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලය වෙත අවධාරණය කර ඇත්තේ.

එම කාලසීමාව තුළ දී විදුලි සැපයුම සීමා කිරීමක් සිදුකළහොත් එය බලපත්‍ර කොන්දේසි කඩකිරීමක් බවත් විදුලිබල මණ්ඩලය ඒ සදහා නීත්‍යානුකූල වගකිව යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.

t

o

p