වරකාපොළ සිට අඹේපුස්ස දක්වා මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

January 23, 2023

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ වාහන ගමනාගමනය හෙට සිට එක් මංතීරුවකට සීමා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එම කොටසේ කාපට් ඇතිරීමට නියමිත බැවින් හෙට සිට පෙබරවාරි මස 01 වනදා දක්වා එලෙස වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කරන බවයි එම අධිකාරිය පැවසුවේ.

ඒ අනුව එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් වරකාපොළ සිට අඹේපුස්ස දක්වා කොටස හරහා ගමන් කිරීමට අපේක්ෂිත රථවාහන රියදුරන් සහ ජනතාව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි පොලීසිය පැවසුවේ.

t

o

p