තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අදින් අවසන්

January 23, 2023

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින්(23) අවසන් වෙයි.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ , අදත් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද අයැදුම් කිරීමේ අවස්ථාව පවතින බවයි.

ඒ සඳහා තමන් පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි මැතිවරණ කාර්යාලයට තැපැල් අයැදුම්පතක් භාරදිය හැකියි.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි තැපැල් ඡන්ද අයැදුම්කරුවෙකුට, සිය අයැදුම්පත්‍රය රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යලය වෙත අද ලබාදිය හැකි ය.

t

o

p