වෘත්තිකයන්ගෙන් අද සිට කළු විරෝධතා සතියක්

January 23, 2023

රජය විසින් පැනවූ බදු සංශෝධනවලට එරෙහිව අද සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ අදින් ආරම්භ වන විරෝධතා සතිය කළු විරෝධතා සතියක් ලෙස නම් කර ඇති බවයි.

සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර රජයේ බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද මෙම කළු විරෝධතා සතියට එක්වන බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක කියා සිටියේ.

t

o

p