ඇප තැන්පත් කිරීමේ කාලය අවසන්

January 20, 2023

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වෙයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම සඳහන් කළේ අද දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරිමේ හැකියාව පවතින බවය. 

ඊයේ දිනය වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ලබන 21 වැනිදා දහවල් 12 දක්වා භාරගැනීමට නියමිතය.

ඊයේ දිනය තුළ දේශපාලන පක්ෂ 10ක් නාමයෝජනා භාරදී තිබේ.

ජාතික ජන බලවේගය මාතලේ, පුත්තලම, අනුරාධපුර, පොළාන්නරුව, බදුල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා භාර දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ඊට අමතරව නිදහස් ජනතා පෙරමුණ , එක්සත් ජාතික නිදහස් පෙරමුණ තමිල්මක්කල් විඩුතලෛයි පුළිකල්, ජනසෙත පෙරමුණ, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එක්සත් සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් පළාත් පාලන ආයතන කිහිපයකට ඊයේ දිනයේ නාමයෝජනා භාර දී ඇති බවය.

t

o

p