බිත්තර සඳහා මිල සූත්‍රයක්

January 20, 2023

බිත්තර සඳහා මිල සූත්‍රයක් දින 03ක් ඇතුළත ලබා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී එහි සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර ඇත.

ඒ, එම අධිකාරියේ නිලධාරීන් ඊයේ (19) කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දී යි.

බිත්තර ආනයනයට ඉදිරිපත් වූ සමාගම් රුපියල් 32යි ශත 05කට බිත්තර ආනයනය කිරීමට කැමැත්ත පළ කර තිබූ බව එහි දී අනාවරණ විය.

එහෙත් කුරුළු උණ රෝගය හේතුවෙන් බිත්තර ආනයනයට ඉඩ ලබා දිය නො හැකි බව එහි දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කිරීමත් සමඟ කමිටු රැස්වීම උණුසුම් විය.

t

o

p