අධ්‍යාපන චාරිකාවක් ගිය බස් රථයක් අනතුරකට ලක්වෙයි

January 20, 2023

නුවරඑළිය – නානුඔයේ දී මීට සුුළු වේලාවකට පෙර මාරක අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්.

නුවරඑළිය – නානුඔය මාර්ගයේ බස් රථයකට ගමන් කිරීමට ඉතා අපහසු රදැල්ල බෑවුම් පෙදෙසින් දික් ඔය දෙසට අදාළ බස් රථය වේගයෙන් පැමිණීමත් සමග, බෑවුම් ප්‍රදේශයේ දී බස් රථයෙහි තිරිංග යෙදීමට රියදුරු උත්සාහ කළ ද, තිරිංග එහි අක්‍රීය වී ඇති බවයි දැනට ලැබෙන ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇත්තේ.

බස් රථයෙහි තිරිංග තද නොවීම මත, පහළ බෑවුම දෙසින් ආ වෑන් රියෙහි ගැටී, බස් රිය විසි වී ගොස්, වෑන් රියට පසුපසින් ආ ත්‍රිරෝද රථයක ද ගැටී මාර්ගයේ එක් පසෙක ඇති ප්‍රපාතයට පෙරළී ගොස් තිබෙනවා.

පාසල් සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවකට ගොස් එන අතරතුරදි මෙම අනතුර සිදුව ඇතැයි ද බසයේ 50 දෙනකු පමණ ගමන් කර ඇති බවට දැනට තොරතුරු ලැබී අනුව දැන ගන්නට ඇත.

මේ වන විට තුවාල කරුවන් නුවරඑළිය රෝහලට රැගෙන එන අතර ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පවසයි. 

t

o

p