පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

January 19, 2023

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර හෙට (20) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ඒ අනුව, මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර පෙබරවාරි 06 වැනි සඳුදා දින අවසන් වීමට නියමිතයි.

එමෙන්ම, සියලුම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර ද පෙබරවාරි 20 වැනි වන සඳුදා දිනයෙන් ආරම්භ වන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ.

t

o

p