ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

January 19, 2023

සම්මානලාභී ප්‍රවිණ විත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අද (19) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.  
 
අද්විතීය සිනමාකරුවෙක් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය මිය යන විට 88 වැනි වියේ පසුවුණි.
 
සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත. 
 
ඇය විසින් එදා මෙදා තුර අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට දෙස් විදෙස් සම්මානයට පවා පාත්‍ර වුණා. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වනුයේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයයි.
 
1978 දී ඇරඹි ඇගේ සිනමා නිර්මාණ චාරිකාවේ ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද විශිෂ්ට, කලාත්මක හා සිනමානුරූපී චිත්‍රපට රැසකි. ගැහැනු ළමයි (1978) සිට වෛෂ්ණාවී දක්වා ඇගේ නම ඉදිරියේ ලියැවී ඇති සිනමා කෘති අතර, ගැහැනු ළමයි, ගඟ අද්දර, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා වැනි නිර්මාණ විශේෂ වන අතර යහළු යෙහෙළි, මායා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝ වැනි චිත්‍රපට ද රසික ආදරයට පත් වූ නිර්මාණ විය.

t

o

p