ඇමරිකානු යුද නෞකාවක් දිවයිනට පැමිණෙයි

January 19, 2023

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD – 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය – 2023 (Cooperation Afloat Readiness and Training Exercise – CARAT–2023) සඳහා සහභාගීවීමට අද (19) උදෑසන කොළඹ වරායට පැමිණ ඇති බව ශ්‍රි ලංකා නිවික හමුදාව පවසයි.
 
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ San Antonio – Class amphibious transport dock වර්ගයේ යුද නෞකාවක් වන ‘USS Anchorage’ (LPD – 23) යුද නෞකාව, දිගින් මීටර් 208 ක් හා නැව් මුළුව 477 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් කීලර්, ඩී.ජේ (Captain KEELER, D.J) කටයුතු කරනු ලබයි.

t

o

p