ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ඉහළට

January 19, 2023

ඉන්ෆ්ලුවෙන්සා ‘ඒ’ ප්‍රභේදය වැළඳුණු රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක් මේ දිනයන්හි දක්නට ලැබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසුවේය.පුද්ගලයන් අතරින් වාර්තා වන ඉන්ෆ්ලුවෙන්සා අනු ප්‍රභේදය වනුයේ ‘එච් වන්‘ වන බවත් වයිරසය සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ මඟින් එය තහවුරු වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (18) පැවසුවේය.

ඉන්ෆ්ලුවෙන්සා වයිරසය කලින් කලට ගෝලීය වසංගතයක් ලෙස මතු විය හැකි බවත් වැසි සහිත කාලගුණයක් යටතේ මෙම වයිරසයේ වර්ධනයක් සිදු වන අතර උදෑසන පවතින අඩු උෂ්ණත්වය සහ රාත්‍රී කාලයේ පවතින සීතල උෂ්ණත්වය ද වයිරසය වර්ධනය වීමට සෘජු ලෙස බලපාන බවත් හෙතෙම පැවසීය.

t

o

p