උප්පැන්න සහතික ලබාගැනීමේ ආකෘති පත්‍රවල හිඟයක් නෑ

January 19, 2023

උප්පැන්න සහතික ලබාගැනීම සඳහා වන ආකෘති පත්‍රවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

තංගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක රේජිස්ට්‍රාර් අංශයේ උප්පැන්න සහතික ලබාගැනීම සඳහා වන ආකෘති පත්‍ර නොමැතිවීමෙන් ඒ වෙනුවට මරණ සහතික ආකෘති පත්‍ර භාවිත කරන ලෙස දන්වමින් නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබුණි. 

අදාළ නිවේදනය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විමර්ශනයක්ද සිදුකර තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසුවේ නියමිත වේලාවට ආකෘති පත්‍ර බෙදාහැරීමේ දී සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් අදාළ නිවේදනය පළ කිරිම සිදුකර ඇති බවය.

යළි එම ආකෘති පත්‍ර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලැබෙනතුරු මහජනතාව අපහසුතාවයට පත් නොකිරීමේ උපක්‍රමයක් ලෙස එම නිවේදනය පළකිරීම සිදුකර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසීය.

t

o

p