ණය ගෙවන්න බංග්ලාදේශය ලංකාවට කල් දෙයි

January 13, 2023

විනිමය හුවමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීමේ කාලය යළි දීර්ඝ කර තිබෙනවා.

බංග්ලාදේශ මහ බැංකුව නිවේදනය කළේ ශ්‍රී ලංකාවට අදාළ ණය ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබාදෙන බවයි.

පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් එම කාලය දීර්ඝ කිරීම සිදුකළ බවයි බංග්ලාදේශ මහ බැංකුව සඳහන් කළේ.

t

o

p