විදුහල්පතිනියගේ අකාර්යක්ෂමතාව නිසා බෝරුක්ගම ප්‍රාථමික පාසල වළ පල්ලට

January 13, 2023

විදුහල්පතිනියගේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් බෝරුක්ගම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටෙමින් විදුහල දිනෙන් දින පරිහානියට පත් වෙන බවට චෝදනා කරමින් මාපියන් ඇතුළු ගම්වැසියන් පිරිසක් ඊයේ (12) පෙරවරුවේ එම විදුහල ඉදිරිපිටදී විරෝධතාවයක යෙදුණේය.

විදුහල්පතිනියගේ ආකාර්ක්ෂමතාව හේතුවෙන් විදුහලේ ඉගෙනුම ලබන සිසු සංඛ්‍යාව 60 – 70 දක්වා පහළ වැටී ඇතැයි ද විරෝධතාකරුවෝ සඳහන් කළහ.

මේ සම්බන්ධව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ විදුහල්පතිනියට පක්ෂව හා විපක්ෂව කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන බවත් දෙපාර්ශ්වයම කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.

t

o

p