රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණ කොමිසමෙන් අනතුරු ඇඟවීමක්

January 12, 2023

මැතිවරණ සමයන්හිදී අධිකරණය හා මැතිවරණ කොමිෂන් සභාව ලබා දෙන නියෝග වලට පටහැනිව කිසියම් පාර්ශවයකින් ලැබෙන උපදෙස් ක්‍රියා කරන නිළධාරීන්ට එරෙහිවද නීතිමය පියවර ගත හැකි බව එම කොමිෂන් සභාව පවසයි. අදාළ කාල සීමාවන් තුළදී සියලු රජයේ නිළධාරීන් මැතිවරණ කොමිෂන් සභාවට යටත් බවයි එම කොමිසම පැවසුවේ.

ඒ අනුව, දේශපාලඥයින් හෝ රජයේ උසස් නිලධාරීන් මැතිවරණ නීතියට පටහැනිව ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කිරීම නීතිවිරෝධී වෙයි.

යම් හෙයකින් කුමන හෝ පාර්ශවයක් ලබා දෙන නීති විරෝධී ක්‍රියාවක් සිදු කිරිමෙන් අනතුරුව අදාළ රජයේ නිලධාරියා නිදහසට කරුණු ඉදිරිපත් කළද ඔහු වරද කරුවකු වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ. 

t

o

p