ගෝඨා ගෝ ගමට කිසිවිටෙක අතගසන්නේ නැහැ

May 14, 2022

ජනතාව වත්මන් දුකට ඇද දැමීමට මාධ්‍යයත් වගකිව යුතු බව කී අග්‍රාමාත්‍යවරයා ගෝඨාට ඡන්දය දෙන්න එපා යැයි කියූ එක මාධ්‍යයක් වත් තිබේනම් පෙන්වන්නැයි සඳහන් කළේය.

ධුරයෙහි දිවුරුම් දීමෙන් පසු කොළඹ වාලුකාරාමය ට පැමිණි අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසූයේ තමා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහයෝගය ඇතිව ජනතාවට විදුලි බලය,ඩීසල්, ගෑස් ලබා දෙන්නට කටයුතු කරන බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය:ගෝඨා ගෝ ගම සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක්ද?

පිළිතුර:-අරගලය දිගටම ගෙන යනවා .ගෝඨා ගෝ ගමට කිසිවිටෙක අතගසන්නේ නැහැ.එය ඉදිරියට ගෙන යා යුතුයි. පොලිසියත් ඊට එරෙහිව කිසිවක් කරන්නේ නැහැ.

t

o

p