මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

May 14, 2022

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද(14) පෙරවරු 6ට ඉවත් කරන ලදි.

එය පස්වරු 6ට යළි පැනවෙන අතර පසුදින (15) පෙරවරු 5 දක්වා බල පැවැත්වෙයි.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමිවන්නේ නැත.

t

o

p