රනිල් අගමැති ලෙස දිව්රුම් දීමට සුදානම්

May 12, 2022

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇතැයි මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හෙට හෝ අනිද්දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

t

o

p