කථානායක හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

April 28, 2022

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

t

o

p