අනුෂා සොනාලි සමුගනී

April 28, 2022

ප්‍රකට සිනමා නිළි අනුෂා සොනාලි අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට ඇය 49 වන වියෙහි පසුවූවාය.

අනූෂා සොනාලි මහත්මිය, රසික හදවත් තුළ ලැඟුම් ගත්තේ විසිදැල, ලොකු දුව, මමත් ගැහැනියක්, සුන්දර වරද ආදී නිර්මාණ හරහායි.

ඇයට 21 හැවිරිදි පුතෙකුද සිටින අතර ඇගේ මවගෙන් පැවතෙන මංශ පේශී අක්‍රීයවීමේ රෝගයකින් අවසන් කාලයේ පීඩා වින්දාය. මේ හේතුවෙන් රෝද පුටුවකට සීමාවී ඇය ජීවිතය ගත කළාය.

අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

t

o

p