විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 50%කින් පහළට

April 26, 2022

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබූ මෙරට සංචාරක ක්ෂේත්‍රය ක්‍රමයෙන් යථා තත්ත්වයට පැමිණෙමින් පැවතිය ද රට පුරා කරන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම සියයට 50කින් පමණ පහත වැටී තිබේ.

පසුගිය මාර්තු මාසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 106,500 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන නමුත් ඊට සාපේක්ෂව අප්‍රේල් මාසයේ පෙරේදා (24) දක්වා දින 24 ක කාලය තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 53,192 දෙනකු බවත් ඒ අනුව සියයට 50ක පමණ පහත වැටීමක් සිදුව තිබෙන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

t

o

p