ලොව වයස්ගතම කාන්තාව දිවියෙන් සමු ගනී

April 26, 2022

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සහතික ලත් ජපන් ජාතික කේන් ටනාකා පසුගිය අඟහරුවාදා මිය යන විට 119 වැනි වියේ පසුවිය. ෆුකුඕකා නගරයේ රෝහලකදී මහලු විය නිසා මිය ගිය බව නිලධාරීහු වාර්තා කළ බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

කේන් ටනාකා 1903 වර්ෂයේ ජනවාරි 2 වන දින ජපානයේ නිරිතදිග ෆුකෝකා ප්‍රදේශයේ උපත ලැබීය. එම වසරේම රයිට් සහෝදරයන් ප්‍රථම වරට පියාසර කළ අතර මාරි කියුරි නොබෙල් ත්‍යාගයක් දිනූ පළමු කාන්තාව බවට පත්විය.

ටනාකා, මෑතක් වන තුරුම සාපේක්ෂ වශයෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටි අතර වැඩිහිටි නිවාසයක ජීවත් වූ අතර එහිදී ඇය බෝඩ් ක්‍රීඩා, ගණිත ගැටලු විසඳීම මෙන්ම සෝඩා සහ චොකලට් රස බැලූ බව සදහන්වේ.

t

o

p