රාමචන්ද්‍රන් ලොව විශිෂ්ටතම අධ්‍යාපනවේදීන් අතරට

April 22, 2022

අනාගත පරපුරෙහි උන්නතිය උදෙසා විශාල කැපවීමක් පෙන්නුම් කරන ලොව විශිෂ්ටතම අධ්‍යාපනවේදීන් තෝරා ගැනීමේ BIC Cristal Pen ත්‍යාග ප්‍රදාන වැඩසටහනට අනුව මේ වසරේදී තෝරා ගත් ලොව විශිෂ්ටතම අධ්‍යාපනවේදින් අතරට යාපනය හින්දු විද්‍යාලයේ ගුරුවරයකු වන රමනන් රාමචන්ද්‍රන් මහතා තේරී පත් විය.

විශේෂයෙන් වසංගත කාලයේදී ඔන්ලයින් අධ්‍යාපනය වැනි බැහැර කළ නොහැකි නව ඉගැන්වීම් ක්‍රමවේද භාවිත කරමින් අනාගත පරපුරෙහි සාර්ථකත්වය සුරක්ෂිත කිරීමට බලාපොරොත්තු වූවාටත් වඩා ඉදිරියට යෑමට සමත්වීමෙන් ඔහු මේ අන්තර්ජාතික ගෞරවයට පාත්‍ර විය.

ගුණාත්මක අධ්‍යාපනයක් සහ ඉහළ නිර්මාණශීලිත්වයක් සැපයීමටත්, නිවෙසේ සිටම ඔන්ලයින් ඔස්සේ අන්තර්ක්‍රියාවලින් හා සහයෝගීතාවෙන් වැඩ කටයුතු කිරීමට ඔහු ඩිජිටල් පසුබිමක් ද සිය සිසු සිසුවියන්ට බිහි කර දී තිබේ.

t

o

p