ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට

April 23, 2022

ඉන්ධන මිලට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළ යාම හමුවේ මෙරට ඉදිකිරීම්වලින් 75% ක් පමණ ඇණහිට ඇතැයි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, වැලි කියුබ් එකක මිල පමණක් මේ වනවිට රුපියල් 8,000කින් ඉහළ ගොස් ඇති බවයි.

කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙලදපොලේ රු 2300 – 2350 මිලකට අලෙවි කරන අතර ,නව සිමෙන්ති මිල රු 500 – 600 කින් වැඩි කිරිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බවයි සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

t

o

p