ජනතාව අමාරුවේ නොදමා අන්තර්වාර කැබිනෙට්ටුවක් පත් කරන්න – අනුර ප්‍රියදර්ශන යාපා

April 20, 2022

කැබිනට් මණ්ඩල මාරු කරනවා වෙනුවට අන්තර්වාර කැබිනට් මණ්ඩලයක් පත් කරන්න. ඒ හරහා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නැයි ස්වාධීන වූ පොදුජන පෙරමුණු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේ දි අද (20) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් මන්ත්‍රිවරයා මේ බව කීවේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ

අනුර ප්‍රියදර්ශන යාපා මහතා:-

ඒ ආණ්ඩුව අස්වෙන්න මේ ඇති රටේ මිනිස්සු බය වෙලා මහ පාරට වැටිලා.දෙපැත්තේම අන්තර්වාර සභාවකට භාරදෙන්න ඒ පැත්තට වඩා හොඳ මිනිස්සු මේ පැත්තේ ඉන්නවා. අප හතළිහක් වෙන්වුණේ ඒකයි. ඇත්ත කියන්නේ නැති හැමදාම රවට්ටන මේ පුද්ගලයන් සමග මේක කරන්න බැහැ. රට තවදුරටත් අමාරුවෙ දාන්න එපා. කැබිනට් මණ්ඩල මාරු කර වැඩක් නැහැ අන්තර්වාර කැබිනට් මණ්ඩලයක් පත් කරන්න. ඒ හරහා විවස්ථා සංශෝධනය කර ඉදිරියට යා යුතුයි. පය බරවායට පිටිකර බෙහෙත් බදින්න එපා. මේ කණ්ඩායමට දැන් කිසිම වගකීමක් නැහැ. අස් වෙච්ච කැබිනට් ඇමතිවරු දෙවැනි පේලියට ගිහින් එහෙම වෙන්නේ කොහොමද රාජ්‍ය ඇමතිවරුන් තුන්වෙනි පේලියට ගිහින් එහෙම වෙන්නේ කොහොමද? මේ ඇති දැන් මේ අපේ රට මේ අගමැතිගේ හෝ ජනාධිපතිගේ හෝ රාජපක්ෂවරුන්ගේ රටක් නොවේ. එය තේරුම් ගන්න. මම මෙහෙම කිසි දවසක කතා කරන කෙනෙක් නොවෙයි. හැම මෙය තේරුම් ගන්න. පවුලකට පාලනය භාර දී බුදියාගෙන ඉන්න අපිට යුතු කමක් නැහැ.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:-

මුදල් කාරක සභාවේ අනුර යාපා සභාපතිතුමා කියන කාරණා ගැන මගේ මතය කියන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ආසන වෙන් කරන්නේ කතානායක එකඟතාවයෙන් ආණ්ඩු පක්ෂ කාර්යාලයෙන්. උගත් අය නිවැරදි කරුණු වගකීමකින් කතා කරන්න. වෛරයෙන් මේවා විසඳන්න බෑ. මේ තියෙන්නෙ වෛරයක්. වෛරය වෙනම විසඳාගන්න.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා –

මම වෛරයෙන් කතා කරන්නේ නැහැ. මගේ තර්කය තේරුම් ගන්න තර්කය වැරදි පැත්තට ගෙනියන්න එපා නිලධාරීන්ට ඕනේ ඕනෙ විදියට හොයා බලන්නේ නැතිව වැඩ කරන්න කරන්නට දීලා. මුදල් ඇමතිවරුන්, ලේකම්වරුන් ආණ්ඩුව අතට අරගෙන වැඩ කරලා තමයි මේ රට විනාශ වුනේ. එය තේරුම් ගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස රට විනාශ කිරීමේ වගකීම භාර නොගැනීම ගැන අපට කේන්තියක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව ගෙදර යන්න. මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලටත් ගල් ගහනවා. හැංගිලා ඉඳලා මේවා විසඳන්න බෑ. එලියට ඇවිත් ඇත්ත කියන්න. ආණ්ඩුවට ඥානය පහල වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

t

o

p