රනිල්ගේ යෝජනාව ඉවත් කොට ඇමති ප්‍රසන්නට අවස්ථාව සජිත්ගෙන්

April 20, 2022

රටේ භයානක තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ යැයිද  මෙය අනෙක් ප්‍රදේශ  වලටත් පැතිරෙන්නට හැකි බැවින් එය වළක්වා ගැනීමට පක්ෂ නායකයන් එක්ව සාකච්ඡා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


” අපට තිබෙන විකල්ප සීමා වී තිබෙනවා.මියගිය තැනැත්තාගේ බිරියටත් මා කතා කළා . ඒ මියගිය පුද්ගලයා අපේ පක්ෂයේ සංදිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක්. ඔහු ගිනි තියන්න යන්නේ නැහැ. පක්ෂ නායකයන් කෙටි වේලාවක් මුණගැහී මේ සිද්ධි පිළිබඳව සාකච්ඡා කරමු”


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-
තවදුරටත් පක්ෂ නායක රැස්වීම් තබා කාලය කන්න අවශ්‍ය නැහැ. ආරම්භයේදීම එකඟතාවය අනුව ආරක්ෂක ක්ෂේත්‍රය බාර ඇමති ප්‍රකාශයක් කරන්න. ඒ ගැන විවාද කරමු.

t

o

p