අද සිට කෑන්වලට ඉන්ධන නෑ

April 12, 2022

ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට නිකුත් කිරීම අද (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.

භූමිතෙල් කෑන්වලට ලබාගැනීමට බාධාවක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් අදාල ප්‍රදේශයේ කෘෂි පරීක්‍ෂණ නිලධාරියා හෝ ග්‍රාම නිලධාරීවරයාගේ සහතික සමඟ ඉන්ධන පිරවුම්හලට ඉදිරිපත් කිරීමෙන් කෑන්වලට ලබාගත හැකි බව ද සභාපතිවරයා සඳහන් කළා.

t

o

p