එකඟතාවක් නොමැතිව අවසන් වූ ජනපති – මන්ත්‍රී සාකච්ඡාව

April 11, 2022

රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර හමුව පැය දෙකක පමණ කාලයක් තිස්සේ පැවති නමුත් ,අවසන් එකඟතාවකට නොපැමිණි බව දැනගන්නට ඇත.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද අතර, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද ඒ සඳහා සංශෝධන ඉදිරිපත් වූ බව වාර්තා වේ .

දෙපාර්ශ්වය අතර තවත් සාකච්ඡා වටයක් හෙට (12) දිනයේ පැවැත්වීමට ද එකගතා පළ වී ඇත.

t

o

p