රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම සීමා කරයි

April 11, 2022

සායනික රෝගීන් සඳහා එකවර මාස දෙකකට ඖෂධ නිකුත් කිරීම අත්හිටුවමින් ඉදිරියට මාසයකට පමණක් ඖෂධ නිකුත් කරන ලෙසත් හදිසි සැත්කම් හා හදිසි පරීක්ෂණයන් පමණක් සිදු කරන ලෙසත් ඖෂධ සැපයීම නියාමන හා බෙදාහැරීමේ රාජ්‍ය අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් දී තිබේ.

මේ වන විට රෝහල්වල ඖෂධ වර්ග 140ක අඩුවක් පවතින නමුත් මෙම හිඟය ක්‍රමයෙන් මගහරවා ගැනීමට අවශ්‍ය ඖෂධයන් මිල දී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.

t

o

p