තිස් තුන් පැයක් ගතවුවත් නොසෙල්වුණු ජන අරගලය

April 11, 2022

ඇදහැලෙන වැසි ද නොතකා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට ඊයේ රැස්වූ පිරිසෙන් කොටසක් තවදුරටත් විරෝධතාවයේ නිරත ව සිටියි.

මේ වන විට විරෝධතා කරුවන් සඳහා තාවකාලික කූඩාරම් ඉදි කර ඇත.

තාවකාලික වැසිකිළි පහසුකම් ද විවේක ලබා ගැනීමේ පහසුකම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද තාවකාලිකව ඉදිකර තිබේ.

විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා තාවකාලික කූඩාරම් ද ඉදිකර ඇත.

විරෝධතාකරුවන් විසින් එම ප්‍රදේශයට ‘ගෝටාගෝගම’ ලෙස නමක්ද යොදා ඇත.

t

o

p