ආරියවතීව හූ කියා පන්නා දමයි

March 29, 2022

ත්‍රිකුණාමලයේදී පැවති ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනට සහභාගී වූ නැගෙනහිර පළාතේ හිටපු අමාත්‍යවරියක් වන ආරියවතී ගලප්පත්තිට එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නට විය.

වත්මන් අර්බුද වලට පවතින ආණ්ඩුව වගකිව යුතු නැති බවත් එය විවේචනය නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරිය ප්‍රකාශ කිරීමත් සමග මෙම විරෝධය එල්ල විය.

සභාවේ න්‍යාය පත්‍රයට පිටින් යාමෙන් බලහත්කාරයෙන් ජනතාව ඇමතීමට උත්සාහ කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් එම ජනතාව හූ හඬ නගමින් සභාවෙන් පිටව යන්නැයි ඇයට කියා සිටියා.

t

o

p