මැති ඇමතිවරුන්ගේ නොගෙවු වතුර බිල මිලියන 16ක්

March 26, 2022

දැනට ධූරයේ කටයුතු කරන සහ හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 16 කට අධික බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මැති ඇමතිවරුන් 20 දෙනෙකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

t

o

p