ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භ වෙයි

March 26, 2022

ඉන්දීය ක්‍රිකට් ආයතනය 15 වැනි වරට සංවිධාන කරන ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භ වෙයි.

ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් ලෙස අලුත් කණ්ඩායම් දෙකක් එක් වීමත් සමඟ කණ්ඩායම් 10 දක්වා වැඩි වී ඇති මෙවර තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ශූර චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර මුම්බායිහි වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (26) රාත්‍රී 7.30ට පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 5 දෙනකු එක්ව සිටින අතර, එහිදී අද තරග වදින චෙන්නායි පිලට මහීෂ් තීක්ෂණත් සහ කොල්කටා පිලට චාමික කරුණාරත්නත් ක්‍රීඩා කරති.

t

o

p