නිමල් ලන්සා ගිය මඟ යන්නට තවත් රාජ්‍ය ඇමති පිරිසක් ලැහැස්ති වේ.

March 22, 2022

ග්‍ර්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නිමල් ලන්සා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් යවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ තවත් ඇමතිවරු කිහිප දෙනෙකුද මේ සතියේදී ඉල්ලා අස්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. පොළොන්නරුවේ හා පුත්තලමේ රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙකු ඒ වෙනුවෙන් පෙරමුණේම සිටින බව දැනගන්නට තිබේ.

නිමල් ලන්සා යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්

t

o

p