යෝගට්, මිදි, ඇපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය 09 බදු ඉහළ යයි.

March 17, 2022

ආනයනික පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය 09 ක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමා ඇත.

පැනවූ මෙම නව බදු ඉදිරි මාස 06 ක කාල සීමවක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.

රජයේ විශේෂ වෙළෙද භාණ්ඩ බදු පනත යටතේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ බදු ඉහළ දැමීම කර තිබේ. නව බදු පැනවීමත් සමඟ ආනයනික යෝගට්, ඇපල්, මිදි, චීස් ඇතුළු භාණ්ඩයන්හි මිල ඉහළ යනු ඇත.

t

o

p