මැදින් පුර පසලොස්වක පොහොය අදයි

March 17, 2022

‍ මැදින් පුර පසලොස්වක් පොහොය දිනය අදට (17)  යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සඳහා ගමන ආරම්භ කර ඇත්තේ ද අද වැනි දින බව ශාසන ඉතිහාසයේ සඳහන්වේ.

20,000 ක් පමණ වූ මහා සංඝරත්නය සමග කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඥාතීන්ගේ මානය බිඳ හෙළිම සඳහා යමාමහ පෙළහර පෑම ද වූවේ අද වැනි දිනකය.

යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවදීවීම වැනි කරුණු ද මැදින් පුර පසලොස්වක පොහොද දින සිදුව ඇතැයි ද ශාසන ඉතිහාසයේ දැක්වේ.

t

o

p